කොටකදෙණිය නම් ඔහු
හැඳින්වීම
ඔහුගේ දර්ශණය
මානව අයිතිවාසිකම් රැකීමට ඇපකැප වීම
පවුල් පසුබිම

පවුල් පසුබිම

කොටකදෙණිය විශ්ව විද්‍යාලයේ ඔහුගේ පෙම්වතිය සෝමාවතී හේරත් මෙනෙවිය සමග 1969 දී විවාහ විය. 1967 දී ලංකා පරිපාලන සේවාවට ඇතුලත් වූ ඇය 2002 වර්ෂයේදී රාජ්‍ය පරිපාලන අතිරේක ලේකම්වරියක වශයෙන් විශ්‍රාම ගත්තාය. පොලිස් නිලධාරියෙකු වශයෙන් ඇයගේ සැමියාගේ එඩිතරකම හා අවංක භාවය නිසා ඔහුට කරන ලද අසාධාරණ වෙනස්කම් හා අගතිකම් වල ප්‍රතිඵලයක් වශයෙන් ලේකම්වරියක් වශයෙන් විශ්‍රාම ගැනීමට ඇයට තිබූ නීත්‍යානුකූල අයිතිය ඇයටද අහිමි විය. නැක්සලයිට් කුමන්ත්‍රණය මගින් බලය අල්ලා ගැනිමේ චෝදනාවට 1981 දී ලක්වූ විජය කුමාරතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, නිමල් සිරිපාලද සිල්වා, යනාදී ප්‍රබලයින් යටතේ පොලිස්පති වරයා වීමට කොටකදෙණිය නම්කර තිබුනේ යයි එකල එක්සත් ජාතික පක්ෂය විසින් දරණ ලද අභූත චෝදනාවේ ප්‍රතිඵලයක් වශයෙන් එකල සංස්කෘතික අමාතයාංශයේ සේවය කරමින් සිටි කොටකදෙණිය මහත්මිය එම තනතුරින් ඉවත් කොට පූල් යනුවෙන් හඳුන්වනු ලැබූ සංචිතයට තල්ලු කරනු ලැබුවාය. කෙසේ නමුත්, එම නැක්සලයිට් චෝදනාව මනන්කල්පිත නිර්මාණයක් යයි හෙළිවූ පසු ඇය නැවත වරක් පරිපාලන සේවයට අවතීර්ණව ඉතා උසස් තනතුරු කීපයක් හොබවා සමාජයට සේවයක් කිරීමට වාසනාවන්ත වූවාය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් තනතුර හා තැපැල්පති තනතුර හෙබවූ පළමුවන කාන්තාව ඇය වූවාය. දූෂණයට ආකරයක් වන් වූ එකල තිබූ තැපැල් සේවාව ප්‍රතිසංවිධානය කිරීමට ඇයගත් සැලසුම්වලට එරෙහිව වැඩ වර්ජනයක යෙදුණු වාත්තීය සංගම් විසින් කරන ලද තර්ජනවලට අභීතව මුහුණ දීමට තරම් ඇය ධෛර්යමත් වූවාය. අයෝමය කාන්තාවක් ලෙස ප්‍රකටවූ ඇයගේ ගුණාත්මක භාවය නිසා ඇයගේ සැමියාට මුහුණ පාන්නට සිද්ධවූ විපත් දරා සිටීමටත් බෙදාහදාගැනීමටත් ඇයට හැකිවූවාය.

ඔවුන්ට දරුවන් දෙදෙනෙක් සිටී. ඔහුගේ පුත්‍රයා ඉන්දික වන අතර, දියණිය සමන්මලී වේ. ඉන්දික ඇමරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වශයෙන් වෘත්තියෙහි යෙදී සිටී. දුව ජාතික මලල ක්‍රිඩා ශූරියක් වූවාය. ඇය ඇයගේ දරුවන් තිදෙනා රැකබලා ගැනීම සඳහා සිය වෘත්තීය ජීවිතය අත්හැරියාය. වාණිජ ගුවන් නියමයෙකු වන ඇයගේ සැමියා - සුරාජ් සමග අබුඩාබී නගරයේ ඇය පදිංචිව සිටී.

කොටකදෙණිය රණවිරු පවුලකින් පැවත එන්නෙකි. ඔහුගේ ඥාති සොහොයුරා වන ගෲප් කපිතාන් එච්.එම්. සාගර කොටකදෙණිය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා වේ. ශ්‍රි ලංකා යුද හමුදාවේ කපිතාන් එරන්දක රත්නායක ඔහුගේ බිරිඳගේ සොහොයුරියගේ පුත්‍රයා වේ. යාපනයේ සටන් බිමේදී ලත් තුවාල හේතුවෙන් ඔහු දැන් ආබාධිත තත්ත්වට පත්ව සිටී. මේජර් ජනරාල් (විශ්‍රාමික) ආනන්ද වීරසේකර සහ රියර් අද්මිරාර් (විශ්‍රාමික) සරත් වීරසේකර ඔහුගේ සමීප ඥාතීන් වේ.
back to top

Copyright © 2009 H.M.G.B. Kotakadeniya