කොටකදෙණිය නම් ඔහු
හැඳින්වීම
ඔහුගේ දර්ශණය
මානව අයිතිවාසිකම් රැකීමට ඇපකැප වීම
පවුල් පසුබිම

ඔහුගේ දර්ශණය

විශ්‍රාම යාමෙන් පසුව  විගස සිහළ උරුමයට බැඳී ජාතියේ යහපත සහ අයිතිවාසිකම් පාවාදීමට පෙළඹුනාවූ දේශපාලකයින්ගේ ක්‍රියාකාරීකම්වලට එරෙහිව සටන් කිරීමේ අභිලාශයකින් ඔහු සිය දේශපාලන ජීවිතය ආරම්භ කලේය.  මේ රටේ බහුතර සිංහළ ජනතාව හා ඔවුන්ගේ අයිතිවාසිකම් යටපත් කර වහල් භාවය තුල සිරකර තබාගැනීමට සුලු ජාතීන්ට යටත් විජිත පාලකයින් විසින් දෙන ලද වරප්‍රසාද තවදුරටත් පවත්වාගෙන යෑමට ඔහු විරුද්ධ විය.  2005 ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයට ඔහු දැඩි කැපවීමකින් යුතුව ආධාර කලේය.  රිචඩ් පීරිස් සහ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු නියුක්ත වූ රැකියාවෙන් ඉවත්වී 2005 වර්ෂයේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස ලත් පදවිය පිළිගත්තේය.  ආරක්ෂක අමාතයාංශයේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්වී රටේ අභිවෘද්ධිය සඳහා රාජකාරී කිරීමට හැකිවීම ඔහුගේ ජීවිතයේ ලත් අමතක නොවන වරප්‍රසාදයක් ලෙස ඔහු සලකයි.  2007 වර්ෂයේදී නව දිල්ලියේ පවත්වන ලද සාක් සම්මේලනයේදී ආරක්ෂක ලේකම්වරයා නියෝජනය කරන ලද්දේ කොටකදෙණිය විසිනි.

කොටකදෙණියගේ සිය මව්බිය කෙරෙහිත් සභ්‍යත්වය කෙරෙහිත් ඇති කැපවීම අමිල වන අතර, කිසිම කෙනෙකුට එය කේවල් කිරීමට නොහැකිය. ත්‍රස්තවාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ පාලනයට අපගේ මව්බිම යලි නතුවීම වැලැක්වීම සඳහා සියලුම ව්‍යවස්ථාදායක ආයතනයන් තුල සිංහළ ජාතික නියෝජනය තිබිය යුතු බව ඔහු තරයේ විශ්වාස කරයි. අපගේ ආදරණීය මව්බිමෙන් තුනෙන් කොටසක් පෙඩරල් රාජ්‍යයක් වීමට පහසුකම් සැලසෙන උතුරු හා නැගෙනහිර පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල පැවරීම සුදුසු යයි දැනට ගෙන යන ප්‍රචාරය පැරදවිය යුතුයයි ඔහු තරයේ විශ්වාස කරයි. අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් වන අතර ජනාධිපතිතුමාගේ බලතල වඩ වඩාත් බලවත් කළ යුතුය. එසේම දිවයිනේ සෑම ප්‍රදේශයකම බලසම්පන්න ආරක්ෂක හමුදා පවත්වාගෙන යා යුතුය. මේ රටේ සෑම ප්‍රදේශයකම බහුවාර්ගික සමාජයක් නිර්මාණය කිරීම හා මෙම අගයන් පෝෂණය කිරිමට අවශ්‍ය කටයුතු රජය විසින් කළ යුතුය. දිස්ත්‍රික් වලට පරිපාලනමය බලය පැවරීමට පෙරාතුව උතුරෙන් හා නැගෙනහිරෙන් කොටි ත්‍රස්තවාදීන් විසින් පිටමං කරන ලද සිංහළයින් සහ මුස්ලිම්වරුන් සියල්ලන්ම යලි එම ප්‍රදේශවලම පදිංචි කිරීම අත්‍යවශ්‍ය බව ඔහු ව්ශ්වාස කරයි.
back to top

Copyright © 2009 H.M.G.B. Kotakadeniya