කොටකදෙණිය නම් ඔහු
ඔහුගේ දර්ශණය
මානව අයිතිවාසිකම් රැකීමට ඇපකැප වීම
පවුල් පසුබිම


වෘත්තීය මං සළකුණු
යාපන කොට්ඨාශය
වවුනියා කොට්ඨාශය
නුවරඑළිය කොට්ඨාශය
කොළඹ දිසාව
අණදෙන නිලධාරී ශ්‍රි ලංකා පොලිස් උපසේවා මූලස්ථානය
ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති හලාවත දිසාව

ජීවන චරිතාපදානය

හීන්කෙන්ද මුදියන්සේලාගේ ඥාණතිලක බණ්ඩාර කොටකදෙණිය, උපත ලැබවේ 1942 වසරේ ගම්පහ දිස්ත්‍රික්කයේ කඳානේදීය. සිය ද්වීතීයික අධ්‍යාපනය මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයෙන් ලබා 1960 වසරේදී සරසවි වරම් ලැබූ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වී 1964 වසරේදී ආර්ථික විද්‍යා උපාධියද, පසුව 1998 වසරේදී විවෘත විශ්ව විද්‍යාලයෙන් නීති වේදී උපාධියද ලබාගත්තේය.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටියදීම නායකත්ව හැකියාවන් ප්‍රදර්ශණය කළ ඔහු ජයතිලක ශාලාවේ සභාපති වශයෙන්ද, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ ලේකම් වශයෙන්ද, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ උප සභාපති වශයෙන්ද කටයුතු කළේය.

ගුරුවරයෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු 1996 වසරේදී එවකට ඉතා ආකර්ශණීය තනතුරක් ලෙස සැලකුණු සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්වූයේ කණ්ඩායමේ ප්‍රථමයා වශයෙනි. ඒ සමගම ශ්‍රි ලංකා පරිපාලන සේවාව හා විදේශ සේවාව වෙනුවෙන් වූ තරඟ විභාග වලින්ද සාමාර්ථය ලැබූවත්, පොලිස් නිලධාරියෙකු වශයෙන් සේවය කිරීමෙන් වඩා ඵලදායී මහජන සේවාවක් ඉටු කළ හැකිය යන විශ්වාසය මත දිගටම පොලිස් සේවයෙහි රැඳී සිටීමට තීරණය කලේය.

ඕස්ට්‍රේලියානු පොලිස් විද්‍යාලයෙන්ද, එක්සත් රාජධානියේ බ්රැම්ස්හිල් පොලිස් විද්‍යාලයෙන් මෙන්ම ටෝකියෝ හා හයිද්‍රාබාද් පරිපාලන විද්‍යාලවලින්ද විශේෂ පුහුණුවක් ලැබූ මොහු පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් දේශීය හා විදේශීය සම්මන්ත්‍රණ හා සම්මේලන වලට සහභාගි වීමෙන් පොලිස් රාජකාරී කටයුතු පිළිබඳව පරිණත දැනුමක් ලැබූ නිලධාරියෙකු විය.

අවුරුදු 36ක් වූ ඔහුගේ පොලිස් සේවා කාලය තුල අවංක, එඩිතර හා නිර්භීත පොලිස් නිලධාරියෙකු වශයෙන් නමක් දිනාගෙන සිටි කොටකදෙණිය 1995 වසරේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස කටයුතු කළත්, 2002 වසරේදී විශ්‍රාම ලබන තෙක් පොලිස්පති තනතුරට උසස්වීමේ වරම් අහිමි විය. ඊට හේතුවූයේ දේශපාලන ක්ෂේත්‍රයේ හා පොලිස් දෙපාර්තමේන්තුවේද එවකට සේවය කල ඉහළ නිලධාරීන් විසින් දෙන ලද නීතියට පටහැනි නියෝග ක්‍රියාත්මක කිරීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ බැවිනි. මේ නිසාම එක් අතකින් ඔහු පොලිසියේ විවාදාත්මක චරිතයක් බවට පත්වූ අතර, අනික් අතින් ඔහුගේ ක්‍රියා කලාපය ජනතා ප්‍රසාදයට හේතුවිය.

ඔහු සැම විටම දූෂිත පොලිස් නිලධාරීන් පිළිබඳව මෙන්ම පොලිස් සේවයේ විවිධ අඩුපාඩු පිළිබඳවද විවෘතව විවේචනය කිරීමට තරම් නිර්භීත විය. ‍ෙකාටකදෙණිය පොලිස් නිලධාරීන් අතර සුවිශේෂ නිලධාරියෙකු ලෙස මහජනතාව හඳුනා ගත්තේ, බෙදුම්වාදී ත්‍රස්තවාදයට විරුද්ධව සිදුකෙරුණ අරගලයේ පෙරමුණ ගත් නිලධාරියෙකු වූ බැවිනි.

ඔහුගේ මෙම ක්‍රියා කලාපය සමහර ඉහළ පොලිස් නිලධාරීන්ගේ උදහසට ලක්විය. පහත සඳහන් සිද්ධීන් ඔහුට මුහුණ පෑමට සිදුවූ මෙම තත්වයට උදාහරණ සපයයි.

යාපන කොට්ඨාශය
1997 වර්ෂයේදී යාපනය ප්‍රදේශය ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් ඇළලී ගිය අවස්ථවේදී එම තත්ත්වය පාලනය කිරිම සඳහා කොටකදෙණිය යාපනයේ මෙහෙයුම් භාර පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර යවනු ලැබීය. එහි වාසය කල සිංහළයන් අතලොස්ස හා ආරක්ෂක බලසේනාවන්ද ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක්වූ අතර, බවුද්ධයන්ගේ මුදුන්මල් කඩක් සේ සැළකෙණ නාග විහාරයටද ත්‍රස්තවාදීන් විසින් පහර දෙන ලදී. නාග විහාරයට දෙවන වරටත් පහර දීමට සැලසුම් කර ඇති බවට විශේෂ තොරතුරක් ලැබුණේ ඒ අතරතුරදීය. එය මැඩලීම සඳහා අවශ්‍ය සියලුම විධිවිධාන යෙදූ කොටකදෙණිය එම ක්‍රියාන්විතය ඉටුකිරීම සඳහා උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගෙන් අවසර පැතු නමුත්, එය ප්‍රතික්ෂේප විය.

එයට හේතුව වශයෙන් ගෙනහැර දැක්වූයේ මෙම ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ, කතෝලික දේවස්ථානයකට හමුදාව විසින් සිදුකරන ලදැයි සැක කරන බෝම්බ ගැසීමකට අදාල සිද්ධියක් සම්බන්ධයෙන් පළිගැනීමක් වශයෙන් සිවිල් වැසියන් විසින් සැලසුම් කරන ලද ප්‍රහාරයක් බවයි. මෙම සිද්ධියට අදාලව දැඩි දෝෂාරෝපණයකට ලක් කරන ලද කොටකදෙනිය ජාතිවාදීන් හා ආගමික සුලුතර කෙටසක් බහුතර වශයෙන් ජීවත්වන්නාවූ පෙදෙසකට කිසිවිටකත් රාජකාරියෙහි නියුක්ත නොකළ යුතු බව පවසමින් ඔහු විගස යාපනය කොට්ඨාශයෙන් මාරු කළයුතු බවට නියෝජ්‍ය පොලිස්පති වරයා විසින් නිර්දේශ කරන ලද අතර, එම නිර්දේශය එසේම ක්‍රියාත්මක විය.

ඔහු සමගම මෙහෙයුම් රාජකාරී කටයුතු සඳහා යාපනය කොට්ඨාශයට අනුයුක්ත කරන ලද සහකාර පොලිස් අධිකාරී ජයසුන්දර මහතාත් එවකට යාපනය බාරව සිටි බ්‍රිගේඩියර් වරයාත් ත්‍රස්ත ප්‍රහාරවලින් මරණයට පත්වූ බව මෙහිලා මතක් කිරීම වටී. back to top

වවුනියා කොට්ඨාශය
1985 වර්ෂයේදී සමස්ත වන්නි ප්‍රදේශයත් උතුරු පළාතත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ දැඩි ප්‍රහාරවලට ලක්විය. වවුනියා කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයා වූ ආතර් හේරත් මහතා ත්‍රස්තවාදීන් විසින් ඔහුගේ කාර්යාලයේදීම ඝාතනය කරන ලදී. මෙම තත්ත්වය මැඩලීම සඳහා නැවත වරක් පොලිස්පතිවරයා විසින් තෝරාගනු ලැබුවේ යාපන ප්‍රදේශයේදී වාරණයට ලත්වූ කොටකදෙණිය මහතාමය. ඔහු ජාතිවාදීන් හා ආගමික සුලුතර කොටසක් බහුතරය වන ප්‍රදේශයක රාජකාරී සඳහා නොයෙදිය යුතු බවට පනවා තිබූ වාරණය පිළිබඳව පොලිස්පති වරයාට ‍සිහිපත් කළත් මෙම ස්ථාන මාරුවීමෙහි වෙනසක් සිදු නොවීය. ඔහු වහාම හෙලිකොප්ටරයකින් වවුනියාවට පිටත්කර යවන ලදී.

මේ අවස්ථාවේ වවුනියාව පොලිස් කොට්ඨාශය තුල තිබුනේ ඉතා දුර්වල ආරක්ෂක තත්ත්වයකි. වවුනියාව නගරයද ත්‍රස්තවාදී ග්‍රහණයට හසුවී තිබූ අතර, පොලිස් නිලධාරීහු බැරැක්කවලට සීමාවී සිටියහ. මෙම තත්ත්වයට මුහුණදීමේ අභියෝගය කොටකදෙණිය ඉතා කැමැත්තෙන් බාර ගත්තේය.

මේ වනවිට ඔඩ්ඩුසුදාන් පොලිස් ස්ථානයට පහරදීම නිසා විශාල පොලිස් නිලධාරීන් පිරිසක් එහි කොටුවී සිටියහ. ඔවුන් බේරා ගැනීම සඳහා ඔඩ්ඩුසුදාන් නගරයට යාමට කොළඹ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයෙන් යවන ලද පොලිස් නිලධාරීන් පිරිසක්ද එහි ලගාවීමට නොහැකිව වවුනියාව නගරයේ කොටුවී සිටියහ. මෙම නිලධාරීන් පිරිසට නායකත්වය දෙමින් කොටකදෙණිය පෙද්ගලිකවම රාජකාරී බාරගත් දින රාත්‍රියේම බොහෝ අනතුරුවලට සහ සැගවී සිට දෙන ලද පහරදීම් වලට මුහුණ දෙමින්, ඔඩ්ඩුසුදාන් වෙත ලගාවී කොටුවී සිටින නිලධාරීන් බේරාගෙන යලින් වරක් බලය තහවුරු කිරීමට සමත්විය. පෙරමුනේ සිටම මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් නායක්වය දුන් බැවින් මෙම ජයග්‍රහණය ලබාගැනීමට හැකිවිය. ඊට අමතරව විවිධ ක්‍රමෝපායන් යොදා ගනිමින් සෑම මට්ටමකම නිලධාරීන් සහභාගි කරගනිමින් ත්‍රස්තවාදීන්ට අභියෝගයක් වන ආකාරයෙන් සිය රාජකාරී ඉටු කලේ පහල නිලධාරීන්ගේ හීනවී ගිය චිත්ත ධෛර්ය නංවාලමිනි. එසේම මෙම වකවානුව තුල මාර්ග බාධක ඉදිකිරීමට කිසිදු අවස්ථාවක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට හාකියාවක් නොලැබීම එක් විශේෂත්වයක් විය. මේ හේතුව නිසාම ඔහුගේ මාස හයක සේවා කාලය අවසන් වීමට පෙර එල්ටීටීඊ ය විසින් මුලතිව් දිසාපතිවරයා සහ කොටකදෙණිය ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවට ඇතුලත් කර ඔවුන් ඝාතනය කළයුතු බවට කොටිහඩ ගුවන් විදුලිය මගින් ප්‍රකාශ කරන ලදී. ඊට ටික දිනකට පසු බස් රථයක ගමන් කරමින් සිටි දිසාපතිවරයා (කේ. ඥාණචන්ද්‍රම්) බස්රියෙන් එලියට ඇද ගිලිනොච්චියේදී වෙඩිතබා ඝාතනය කරන ලදී. ඔහු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කළ කීර්තිමත් දෙමළ රාජ්‍ය සේවකයෙක් විය.

ක්‍රියාන්විත ප්‍රදේශයක සේවය කල නිලධාරියෙකුට පළමුවරට පොලිස්පතිතුමා විසින් පිරිනමනු ලැබූ විශිෂ්ඨ සේවාව වෙනුවෙන් ලිඛිත පැසසුමකින් ගෙරවයට පත්වූයේ වවුනියාවේදී කොටකදෙණිය ඉටුකල විශිෂ්ඨ සේවාව වෙනුවෙනි. මෙම ප්‍රශංසාවද සමහර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ විරෝධයට හේතුවිය.

ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ස්ථාන මාරුවීම් නියෝග ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම අභියෝගය බාර ගැනීම ප්‍රතික්ෂේප කොට සේවයෙන් ඉල්ලා අස්විය. නමුත්, ඔහු අවුරුදු 10ක කාලයකට පසු නැවත සේවයට බඳවා ගත් එවකට සිටි ජනාධිපතිනිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් උසස්වීම් ප්‍රදානය කොට 1998 වසරේදී පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සියලුම සදාචාර ධර්මයන් අභිබවා යන්නකි. මේ හේතුව කොටකදෙණියගේ උසස්වීම නොලැබීමට ප්‍රධාන හේතුව විය. back to top

නුවරඑළිය කොට්ඨාශය
1996 වසර නුවරඑළිය සහ හැටන් දිස්ත්‍රික්කවල මලේනාඩු රාජ්‍යයක් පිහිටුවීමට ත්‍රස්තවාදීන් උත්සාහ දැරූ කාලයයි. මෙම වැඩ පිළිවෙල පසුපස සිටියේ දැනට ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරන වෘත්තීය සංගම් නායකයෙකි. සිංහළ වතු අධිකාරීන්ද, සිංහළ වැසියන්ද පහරදී මරාදමනු ලැබූහ. ප්‍රදේශය හැර ගිය සිංහළයන් සඳහා අනාථ කඳවුරු පිහිටුවන ලදී. ඔවුනට ආරක්ෂාව සැපයීමට පොලිසිය අසමත් විය. පොලිස් මුර සංචාරයෙහි නිරතවූ එක් පොලිස් කොස්තාපල්වරයෙක් මරාදමා ආගරපතන ජලාශයේ පාවෙමින් තිබූ මළ සිරුර ගොඩගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි වූයේ සියලුම මාර්ග කපා දමන ලද ගස්වලින් අවහිර කර තිබු බැවිනි.

මේ අතරතුර දවස් දහයක් ඇතුලත ප්‍රදේශය අත්හැර යන ලෙසට අනතුරු හගවන දැන්වීම් පත්‍රිකාද ප්‍රදර්ශණය කර තිබුණි. මෙම තත්ත්වය මර්ධනය කිරීම සඳහාද පොලිස්පතිවරයා විසින් තෝරා ගනු ලැබුවේ කොටකදෙණියය. ඔහු කැමැත්තෙන්ම එම අභියෝගය පිළිගෙන තලවාකැලේ පොලිස්ථානයේ නිලධාරීන් පිරිසක් සමග ආගරපතන ප්‍රදේශයට ගොස් යුද හමුදාවේද සහාය ඇතිව මරාදමන ලද පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර ගොඩගැනීමට සමත්විය. එසේම ඔහු සමග ගිය අනෙක් පොලිස් සැරයන් වරයා සැගවී සිටි ස්ථානයෙන් බේරා ගැනීමට හැකිවිය. ඔහුට මෙම කාර්ය කිරීමට හැකිවූයේ අභීත පොලිස් නිලධාරියෙකු ලෙස කීර්තිමත් නමක් පොලිස් සේවය තුල ස්ථාපනය වී තිබූ බැවිනි.

දැඩි ක්‍රියා පිළිවෙලක් අනුගමනය කරමින් ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය කඩිනමින් තහවුරු කල නිසා තම නිවෙස් අත්හැර යාමට පෙළඹී සිටි සිංහළයන් නතර කිරීමටත්, පිටවී සිටි සිංහළයන් නැවත පදිංචි කරවීමටත් සමත් විය. ඒ සමගම සිංහළ වතු අධිකාරීන්ට සැගවී පහර දීම සඳහාත් ඔවුන්ගේ බංගලා වලට යාමට ඇති ඉඩකඩ ඇහිරීම සඳහාත් දැනට උඩුඉරිප්පු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආකාරයේ අවසන් මෙහෙයුමක් ත්‍රස්තවාදීන් විසින් දියත් කරමින් සිටියහ. මෙම තත්ත්වය මැඩලීමට සිවිල් ඇඳුමින් සැරසුන කණ්ඩායමක් මෙහෙයවමින් එම ස්ථානයට කොටකදෙණිය යමින් සිටියදී පොලු, බයිසිකල් දංවැල් හා කඩු වැනි දෑ අතැතිව සිටි පුද්ගලයන් කණ්ඩායමක් විසින් වටකර ගන්නා ලදී. නමුත්, එසේ වටකරගත් පුද්ගලයන්ගෙන් 07 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට මෙම කණ්ඩායම සමත් විය. පසුදින ඔවුන් මහේස්ත්‍රාත් අභියසට ඉදිරිපත් කිරීමට පොලිසියේ රඳවාගෙන සිටියදී ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ වතු වැඩ වර්ජනයක් ආරම්භ විය. මෙම විරෝධතාවයෙහි ප්‍රතිඵලය වූයේ සිය බලතල ඉක්මවා වෘත්තීය සංගම්වල අවසරයක් නොමැතිව වතු ප්‍රදේශයට ඇතුල්වීමට කටයුතු කරන ලදැයි චෝදනා ලබමින් කොටකදෙණියගෙන් නිදහසට කරුණු විමසීම හා ඔහු ආපසු කොළඹට මාරුකර එවීමය. වෘත්තීය සංගම් වල ඉල්ලීම පරිදි පොලිස් බාරයට ගනු ලැබූ පුද්ගලයන්ට ආපසු ඔවුන් සිටි ස්ථානයටම පොලිස් වාහනයකින් ගෙනයාමටද පොලිසියට සිදුවිය. පොලීසිය සිය රාජකාරිය නිසිලෙස ඉටු කිරීම වෙනුවෙන් ලැබුණ උපහාරය මෙයයි. මෙම කරුණ සම්බන්දව කොටකදෙණියට විරුද්ධව චෝදනා පත්‍රයක් නිකුත් කරන ‍ෙලස සම්බන්ධීකරණ නිලධාරියා විසින් කරන ලද නිර්දේශය පොලිස්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමද විශේෂත්වයකි. back to top

කොළඹ දිසාව
කොළඹ ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් 1996 වර්ෂයේදී සේවය කල කෙටි කාලය තුලදී ඔහු කා අතරත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත්විය. එසේම රටේ නීති ගරුකරන සියලුම පුරවැසියන්ගේ පැසසුම හා හොඳහිත ඔහු දිනාගත්තේය. නමුත්, ඒ අතරම ඔහු ත්‍රස්තවාදී හිතවාදීන්ගේ දැඩි කෝපයටද, දෝශ දර්ශණයටද ලක්විය. පොලිස්පතිවරයා වශයෙන් පත්වීමට සියලුම සුදුසුකම් හා ජ්‍යෙෂ්ඨත්වය හිමිව තිබියදී ‍එම තනතුරට ඔහු පත්කිරීම ප්‍රතික්ෂේප වූයේ කොළඹ ප්‍රදේශය බාරව ඉටුකරන ලද විශිෂ්ඨ සේවයද අවතක්සේරුවට ලක්කරමිනි. කොටකදෙණිය කොළඹ දිසාව බාරව පත්කරන ලද්දේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අවිආයුධ සමග දහස් ගණනින් අගනුවරට පැමිණීම නිසා එහි ආරක්ෂිත තත්ත්වය දැඩි ලෙස අවදානමකට ලක්ව තිබූ කාලයකය. සන්නන්ධ සේනාවල මෙන්ම පොදු මහජනතාවගේද සහයෝගය මත මෙම අභියෝගයට මුහුණ දීමට ඔහු උපාය මාර්ග සැලසුම් කලේය. එලටීටීඊ සංවිධානයේ අනුග්‍රයයෙන් පවත්වාගෙන යනු ලැබූ අපකීර්තිමත් ලැගුම්හල් ඔහුගේ දැවැන්ත වැටලීම්වලට හසුවිය. එසේම ක්‍රියාකාරී ලෙස ත්‍රස්තවාදයට උදව් දුන් රාජ්‍ය නොවන සංවිධාන හා ආගමික කණ්ඩායම්වල ක්‍රියාකාරීකම් සෝදිසි කිරීමටත්, ත්‍රස්තවාදීන්ට අරමුදල් ගලාඒම වැළැක්වීමටත්, විශේෂ ක්‍රියා මාර්ග මේ කාලය තුල දියත් කරන ලදී. කොටුවේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය විනාශ කිරීම සඳහා සැලසුම් කරන ලද එල්ටීටීඊ ක්‍රියාකාරයෙකු අත් අඩංගුවට ගැනීමටද මෙම සෝදිසි කිරීම් වලදී හැකිවිය. ජනාධිපතිවරිය මරාදැමීමට කොළඹට එවන ලද පළමුවැනි එල්ටීටීඊ සැකකරු වූ මුගුන්දන් සිරභාරයට ගැනීමටද හැකිවිය. එසේම බුලර්ස් පාරේ පිහිටි ජාතික ක්‍රිස්තියානි සභා මූලස්ථානයද සෝදිසි වරෙන්තුවක් ලබාගැනීමෙන් පසු වටලන ලදී. එහිදී ඇමරිකානු මිෂනාරීවරයෙකු වන කෙනත් පෝල් වුල්ඩර් නමැත්තා විසින් සැලසුම් කරන ලද්දාවූ සුදු නෙලුම් ව්‍යාපාරයට විරුද්ධව ප්‍රකාශිත පෝස්ටර් ඇතුලු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ ලේඛණ විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගන්නා ලදී. මොහු එම පෝස්ටර් විශාල ප්‍රමාණයක්ද සමග 1985.07.21 වැනි දින වවුනියා මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගන්නා ලද අතර, එම අවස්ථාවේදී ඔහු යාපනය බලා ගමන් කරමින් සිටියේ යාපනයේ මිෂර් තැන්පත් බිෂොප් ජෙබනේෂන් සමගය. ඉන්පසුව නිසි නීති ප්‍රතිපාදන අනුගමනය කරමින් මෙම මිෂනාරීවරයා රටින් පිටුවහල් කිරීමට කොටකදෙණිය විසින් කටයුතු කරන ලදී. මේ පිළිබඳව කුමාරතුංග ජනාධිපතිතුමියට විශාල පීඩනයක් ක්‍රිස්තියානි සභාව විසින් ඇති කරන ලද අතර, ඇය මෙම ක්‍රියාව පිළිබඳව නොසතුටට පත්ව කොටකදෙණිය අරලියගහ මන්දිරයට කැඳවූවාය. එහිදී ජාත්‍යන්තර වශයෙන් ප්‍රතික්‍රියා ඇතිවන්නාවූ වැදගත් කරුණු ගැන ක්‍රියාකිරීමට පෙර ඇය දැනුවත් නොකිරීම පිළිබඳව කොටකදෙණියට අවවාද කරන ලදී. බෙ‍ ද්ධ භික්ෂූන් වහන්සේලාගේ විරෝධයක් ඇතිවේය යන බිය ඇය තුල තිබූ හෙයින්, මිෂනාරීවරයා පිටුවහල් කිරීමේ නියෝගය අවලංගු කිරීමෙන් ඇය වලකින බව කොටකදෙණිය වෙත ජනාධිපතිනිය පැවසීය. (හාමුදුරුවරු මගේ ඔලුව කයි) යනුවෙන් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිචාරය පිළිබඳව ඇය සඳහන් කලේය.

කොටකදෙණිය විසින් දියත් කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වලින් සවුම්ය මූර්ති තොණ්ඩමන් ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානත්, ඇතැම් ආගමික නොවන සංවිධානත්, වාමාංශික ව්‍යාපාරත් විශේෂයෙන්ම ප්‍රවෘත්ති පත්‍ර කලාවේදීන්, මානව හිමිකම් සංවිධාන හා පාතාල ලෝකයට සම්බන්ධ බලවේග ඒකරාශී වී කොටකදෙණිය කොළඹින් ඉවත් කිරීමට ඉතා බලසම්පන්න හා සංවිධානාත්මක ව්‍යාපාරයක් ආරම්භ කළහ. එවකට සිටි පොලිස්පතිවරයා කොටකදෙණිය ආරක්ෂා කිරීමට කිසිම ආකාරයකින් කටයුතු නොකලේය. ඔහු කල එකම ක්‍රියාව නම් ඔහුට හිතවත් නිලධරයෙක් කොටකදෙණියගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කිරීමට එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම පමණකි. මෙම විරෝධතා නිසා කොටකදෙණිය වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිසාවෙන් මාරුකරන ලදී. එම මාරුකිරීමෙන් අනතුරුව අහිංසක ද්‍රවිඩයන්ට හිරිහැර පැමිණවූ කොටකදෙණිය ඉවත් කිරීම පිළිබඳව තොණ්ඩමන්ගේ ප්‍රසාදය ජනාධිපති වෙත පිරිනැමුවේය. මෙම චෝදනාව කොටකදෙණිය විසින් තරයේ ප්‍රතික්ෂේප කල අතර, එම චෝදනාව ඔප්පු කළහොත්, පොලිසියෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව කොටකදෙණිය ජනමාධ්‍යයට ප්‍රකාශයක් කලේය. මේ අවස්ථාවේදී පොලිස්පතිගේ අනුමැතියක් නොමැතිව පුවත්පත්වලට ප්‍රකාශයක් කිරිම ගැන කොටකදෙණියට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට නිර්දේශයක් කලේය. කෙසේ වෙතත්, ආරක්ෂක අමාතයාංශය එම නිර්දේශය පිළිනොගත් අතර, පුවත්පත් වලට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වලකින ලෙස ඔහුට අවවාද කරන ලදී. මෙවන් සුලු අනුකම්පා කිරීම් ගැන ආරක්ෂක අමාතයාංශයට ස්තුති වේවා. back to top

අණදෙන නිලධාරී ශ්‍රි ලංකා පොලිස් උපසේවා මූලස්ථානය
කොළඹ කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පදවිය දැරූ කොටකදෙණිය මාරු කර යවන ලද්දේ පොලිස් උපසේවා මූලස්ථානයටය. එහිදීද දීර්ඝ කාලයක් ඔහු රැඳුනේ නැත. උතුරේ සහ නැගෙනහිර ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වල යෙදී සිටි 30,000 ක පමණ පොලිස් නිලධාරින්ගේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු කරන ලද්දේ මෙම මූලස්ථානය මගිනි. එම මූලස්ථානය ගොඩනැගිලි දෙකකින් සමන්විත වූ අතර, එයින් එකක් පැරණි ඉතාම වටිනා මනරම් යටත් විජිත සමයේ පිහිටුවන ලද ගොඩනැගිල්ලක් විය. කොළඹ 07 ලොන්ඩන් පෙදෙසේ පිහිටා තිබූ මෙම ගොඩනැගිල්ල බුරුම තේක්ක දැව වලින් විසිතුරු ලෙස සකස් කල ගොඩනැගිල්ලක් විය. කොළඹ ත්‍රස්තවාදය උග්‍රව තිබූ කාලයේදී මෙම ගොඩනැගිලි දෙකම කඩා දමා පොලිස් නිලධාරීන් සඳහා නවීන පන්නයේ පිහිනුම් තටාකයක් ඉදි කිරීමට පොලිස්පති වරයා යෝජනා කලේය. කොටකදෙණිය මෙම යෝජනාවට විරුද්ධ වූයෙන් යලිත් පොලිස්පතිවරයා කොටකදෙණිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිවිල් ආරක්ෂාව යනුවෙන් විශේෂ තනතුරක් සම්පාදනය කර එයට මාරු කලේය. ඔහු යටතේ කිසිම කාර්ය මණ්ඩලයක් නොවූ අතර, මෙම මාරුකිරීමෙන් පසුව උපසේවා මූලස්ථානය කඩා දමන ලද අතර, එහි තිබූ තේක්ක සවිතුරු අන්තර්ධාන වූ බව පැවසේ. ඉන්පසු එම ස්ථානයේ පොරොන්දු වූ පරිදි පිහිනුම් තටාකයක් ඉදිකරනු ලැබුවේ නැත. කොටකදෙණියට නව තනතුරේ රාජකාරියක් නොතිබූ හෙයින්, එම කාල වේලාව විවෘත විශ්ව විද්‍යාලයේ නීතිය හැදෑරීම ප්‍රයෝජනයට ගෙන 1998 දී නීතිවේදී උපාධිය ලබාගත්තේය. ශ්‍රි ලංකා උපසේවයේ නිලධාරීන්ට දෛනික වැටුපක් වෙනුවට මාසික වැටුපක් ගෙවීමට ක්‍රියා කල අතර, ඔවුන්ට විශ්‍රාම වැටුපක් ගෙවීමේ යෝජනා ක්‍රමයක් ඇති කිරීමට මග පෑදුවේය. එසේ හෙයින්, ඔහු එම නිලධරීන්ගේ ආදරයට හා ගවුරවයට පාත්‍රවිය.

1998 වර්ෂයේදී වවුනියාවට ස්ථාන මාරුවක් ලැබීමට එරෙහිව විරෝධය පාමින්, ඉල්ලා සේවයෙන් ඉල්ලා අස්වූ නිලධාරියෙක් අවුරුදු දහයකට පසුව නැවත වරක් සේවයට කැඳවා පොලිස්පති වශයෙන් පත් කරන ලදී. එම නිලධාරියා කොටකදෙණියට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩුවූ නමුත්, ඔහුගේ පත්වීමෙන් පසුව කොටකදෙණිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස පත් කිරීම වෙනුවට අපරාධ හා අපරාධ බුද්ධි අංශය බාර නිලධාරියා ලෙස පත් කරන ලදී. මෙම පත්කිරී‍ෙමන් පසුව කොළඹ නගරයේ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට කොටකදෙණිය විසින් මෙහෙයුමක් දියත් කල අතර, එකල පාතාල ලෝකයේ නායකා වශයෙන් කිරුල දැරූ නාවල නිහාල් කොටකදෙණිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පාතාල ලෝකයට විරුද්ධව කටයුතු කිරීම පිළිබ ඳව මේ අවස්ථාවේදී පොලිස්පතිවරයා විරුද්ධ වූ අතර, අත්අඩංගුවට පත් නාවල නිහාල් පොලිස්පතිවරයාගේ උපදෙස් මත නිදහස් කරන ලදී. මෙම සිද්ධියෙන් පසුව කොටකදෙණියට විරුද්ධව ඉතා වෛරයෙන් කටයුතු කල පොලිස්පතිවරයා එයට පළිගැනිමක් වශයෙන් පොලිස් අධිකාරීවරයෙකු විසින් දරන ලද තනතුරටකට කොටකදෙණිය මාරු කලේය.

පොලිස්පතිවරයාගේ මෙම මාරුවීමේ නියෝගයට විරුද්ධව රිට් ආඥාවක් ඉල්ලා කොටකදෙණිය අභියාචනාධිකරණයට ඉල්ලුම්පතක් ඉදිරිපත් කලේය. එහි පුතිඵලය වූයේ පොලිස්පතිවරයාගේ නියෝගය බලරහිත කරමින් එම මාරුව අවලංගු කරන ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයා‍ වෙත නියෝගයක් නිකුත් කිරීමය. එම නඩු තීන්දුවට එරෙහිව පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කලේය. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණයේ තීන්දුව අනුමත කල අතර, රැපියල් 5,000/-ක වන්දියක් කොටකදෙණිය වෙත ගෙවන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලදී. ඒ අනුව ස්ථාන මාරුව අවලංගු කල නමුත්, වන්දි මුදල කිසිම අවස්ථාවක නොගෙවන ලදී. ඉන්පසුව පිළිකුල් සහගත පියවර මගින්කොටකදෙණියට හිරිහැර කිරීමට පොලිස්පතිවරයා කටයුතු කලේය. ඔහු 2002 වර්ෂයේදී මිය යාමට පෙර කොටකදෙණිය පොලිස්පති වීමෙන් වැළැක්වීම සඳහා ඔහු විසින් නොකල කාර්යයක් නොවීය. කොටකදෙණියට වඩා 05 අවුරුද්දකින් කණිෂ්ඨයෙකු වූ ආනන්දරාජාට පොලිස්පති පදවිය ලබාදීම සඳහා ඔහු සියලුම ක්‍රියාදාමයන් සකස් කලේය. සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා ජනාමධ්‍ය ඉදිරියේදීම කොටකදෙණිය හෙලා දැකීමට කටයුතු කල මොහු කොටකදෙණිය පොලිස්පති නොකරන ලෙස ඉල්ලා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග වෙත ඉදිරිපත් කිරීමට සකස් කලපෙත්සමකට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අත්සන් බලෙන් ලබාගත්තේය. ඉන්පසුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නිර්දේශය මත පදනම් වී ජනාධිපතිතුමිය විසින් ව්‍යවස්ථා සභාවට ආනන්දරාජාගේ නම නිර්දේශ කිරීමෙන් අනතුරුව ඔහුව පොලිස්පති වශයෙන් පත්කරනු ලැබීය. අනන්දරාජා නැගෙනහිර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් සිටියදී කොටි ත්‍රස්තවාදීන්ට යටත්වූ පොලිස් නිලධාරීන් 700 ක් පමණ ඝාතනය කල අවස්ථාවේදී ඔවුන් එසේ මරා දැමීමට ඉඩදී කොළඹට පැන ආ බියගුලු පොලිස් නිලධාරියෙක් ලෙස පොලිස් සේවයේ එකල අප්‍රසාදයට පත්ව සිටි නිලධාරියෙකි. පොලිස්පති පදවියට පත්වීමෙන් පසුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග උරෙන්උර ගැටී කටයුතු කිරීම හෙළිවීම නිසා අවමානයෙන් විශ්‍රාම ගැනීමට ඔහුට සිදුවිය. back to top

ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති හලාවත දිසාව
(වොයිස් ඔප් ඇමරිකා ) සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පිහිටුවීමට එරෙහිව හලාවත කොට්ඨාශය තුල 1997 වර්ෂයේදී විශාල අරගලයක් හා නොසන්සුන්තාවයක් උද්ගත විය. එම කුරැල්ල මැඩලීමට පොලිසිය ගත් උත්සාහයේදී සිවිල් වැසියෙක් මරුමුවට පත්වූ අතර, තවත් අය තුවාල ලැබුහ. එයින් මතුවූ සිවිල් නොසන්සුන්තාවය මැඩලීමට එම ප්‍රදේශබාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අසමත්වූ හෙයින්, පොලිස් මූලස්ථානයේ සිටි කොටකෙදෙණිය හලාවත කොට්ඨාශය බාරව මාරු කර යවන ලදී. ඔහු සමග ජ්‍යෙෂ්ඨ ‍ොලිස් අධිකාරී බෙන්ජමින් පලාත බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් පත් කරන ලදී. ටික කලකින් ත්ත්ත්වය සමනය කිරිමට කොටකදෙනියට හැකිවූයෙන් ඔහු නැවත වරක් පොලිස් මූලස්ථානයට මාරුකර යවන ලදී.

පොලිස් දෙපාර්තමේන්තතුවට ඔහුගේ සේවය අවශ්‍ය වූ විට ඔහුට ඒ වගකීම පැවරීමත් ඉන් අනතුරුව ඔහු ඉවත් කිරීමේ වෘත්තාන්තය එසේවිය. පොලිස්පතිවරයා වීමේ අභිලාශය තිබූ නිලධාරියෙකුගේ ඉල්ලීම මත කොටකදෙණිය අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම යැවීමට 1997 දී ආරක්ෂක අමාත්‍යාංශය උත්සාහ කලේය. කොටකදෙණිය එම නිලධාරියට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි නිසා ඔහුගේ ඉලක්කය සපුරාලීමට කොටකදෙණිය බාධාව්ක් වූ හෙයින්, එම දුෂ්ඨ පියවර ගැනීමට ඔහු උත්සුක විය. නමුත්, ඒ දක්වා සියලු වැටුප් වර්ධක හා උසස්වීම් අඛණ්ඩව ලැබූ බව කොටකදෙණිය විසින් ආරක්ෂක අමාත්‍යාංශයට දැන්වීමෙන් පසුව ඔවුන් එම ප්‍රයත්නය හකුලාගත්හ.

සාමාන්‍ය මිනිසාගේ හදවතට සමීප වටිනාකම්‍ කොටකදෙණිය විසින් ද පූජනීයත්වයෙන් ගරුකරන හෙයින්, ඒ නිසාම සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරකම් හා ඔහු සම්බන්ධවී සිටියේය. මෙවැනි විෂයයන් පිළිබඳව ඔහුගේ මත විවෘතව කියාපෑමට ඔහු මැලි නොවීය. හරක් වෙළඳුන් හා සත්ව ඝාතනය කෙරෙහි සානුකම්පිත බවක් පෙන්වූ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අමනාපයට මේ නිසාම ඔහු පත්විය. රත්නපුරයේ ගව ඝාතකයින් සහ වෙළඳුන් විසින් මතුකරන ලද විරෝධතාව හේතුවෙන් බදුල්ලේ සිට රත්නපුර කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස නියෝග කරන ලද මාරුව අවසාන අවස්ථාවේදී අවලංගු කරන ලදී. (1976 වර්ෂය)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ ) වශයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බාරව සිටි අතර බලසම්පන්න මත්ද්‍රව්‍ය සිටුවරුන් සිරභාරයට ගැනීම හා මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට හැකිවන පරිදි මෙහෙයුම් අඛණ්ඩව පැවැත්වීමට ඔහු යටතේ සේවය කල නිලධාරීන්ට ඔහු ස්වාධීනත්වය සලසා දුන්නේය. මත්කුඩු හා නීති විරෝධී මත්පැන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක හමුදාවේ සාමාජිකයෙක් වශයෙන්ද ඔහු ක්‍රියා කලේය. සංචාරක ව්‍යාපාරය සම්බන්ධ විශේෂ කාර්ය සාධක හමුදාවේ සාමාජිකයෙකු වශයෙන් ද ඔහු සේවයක් ඉටු කර ඇත. ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වශයෙන් ශ්‍රි ලංකාව ප්‍රවර්ධනය කිරීම වළක්වන එක් ප්‍රබල හේතුවක් වන තුරැව්කාරයන්ගේ හා පිම්පියන්ගේ ව්‍යසනයෙන් අපගේ වෙරළවල් බේරා ගැනීමට ඔහු එමගින් නොවෙහෙසෙන ප්‍රයත්නයක් දැරීය.

නමුත් එවැනි තැරැව්කාරයන් මාපියාවක ලෙස සංවිධානය වී ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ රැකවරණය ලබන හෙයින්, ඔහුගේ ප්‍රයත්නය අසාර්ථක විය. පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කාර්යාංශයේ කාර්ය භාරයද ඔහු විසින් අධීක්ෂණය කල වකවානුවේදී කාන්තාවන්ගේ සහ ළමයින්ගේ යහපත උදෙසා ඔහු විශාල සේවයක් කලේය.
back to top

Copyright © 2009 H.M.G.B. Kotakadeniya